ගෘහ සේවය ද රැකියාවකි.
ගෘහ සේවය යනු කුමක් ද යන්න ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 189 වන සම්මුතිය යටතේ මෙලෙස නිර්වචනය කොට ඇත. “ගෘහයන්හි හෝ ගෘහයක සිදු කරනු ලද වැඩ.” ඒ අනුව ඔබ කිසියම් වේතනයක් බලාපොරොත්තුවෙන් කිසියම් ගෘහයක දී හෝ ගෘහයන්වල සිදු කරනු ලබන නිවෙස පිරිසිදු කිරීම, ආහාර පිසීම, රෙදි සේදීම හා රෙදි මැදීම, දරුවන් හෝ පවුලේ වැඩිහිටි හෝ රෝගී සාමාජිකයන් රැකබලා ගැනීම,ගෙවතු වගාව, නිවෙස ආරක්ෂා කිරීම, පවුල වෙනුවෙන් රිය පැදවීම, ගෘහ සුරතල් සතුන් රැක බලා ගැනීම ආදී වූ සියලු ම ක්‍රියාවන් ගෘහ සේවාවන් ලෙස සැලකේ.
ශ්‍රී ලංකාව තුළ ගෘහ සේවයේ නිරත වන්නෝ විශාල පිරිසක් සිටින අතර එයිනුත් බහුතරයක් ම කාන්තාවෝ ය.
එලෙස ගෘහසේවයේ යෙදෙන කිසි ම අයෙකුට අන් රැකියාවලට හිමි වන ජීවත් වීමට සරිලන අවම වැටුපක්, නියමිත වැඩ කාලයක්, නියමිත වැඩ දින ගණනක්, සමාජ ආරක්ෂණයක් හෝ යහපත් රැකියා කොන්දේසි යන කිසි ම අයිතිවාසිකමක් නොමැත.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 189 වන ප්රඥප්තිය යටතේ ගෘහ සේවය ද ශිෂ්ට රැකියාවක් බව 2011 වසරේ සිට පිළිගෙන තිබුණත් ශ්‍රී ලංකාවේ දී තවමත් 189 ප්රඥප්තිය අපරානුමත කොට ගෘහ සේවකයන්ට ද ශිෂ්ට රැකියාවක් උරුම කර දීම සඳහා කටයුතු කොට නැත.
එබැවින් ගෘහ සේවකයන් හට එම අයිතිවාසිකම් දිනා දීම ප්‍රොටෙක්ට් සංගමය ලෙස අපගේ මූලික අභිප්‍රායයි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ සිටින සියලු ම ගෘහ සේවකයන් සංවිධානය වීම සහ බල මුලු ගැන්වීම අනිවාර්යය වන අතර සංගමයක් ලෙස අපි ඒ සඳහා නායකත්වය දෙන්නෙමු.
ප්‍රොටෙක්ට් අපි සියලු ම ගෘහ සේවක සේවිකාවන්ගේ රැකියා සුරක්ෂිත කිරීමටත්, රැකියාවේ දී වන අසාධාරණයන්ට සහ බාධාවන්ට එරෙහිව යාමටත් හැකි ශක්තිමත් වෘත්තීය සමිතියකි. එබැවින්, එන්න. අප හා එක් වන්න!
ප්‍රොටෙක්ට් සංගමය.
